ශ්‍රී ලංකා

‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්තට ඇප !

නීතිය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් ඇති වන පරිදි හා වෛරයක් ඇති වන පරිදි අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය.

රජයේ නිලධාරීන්ට අසත්‍ය කරුණු එල්ල කරමින් චෝදනා නොකරන ලෙස තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රුපියල් 25000ක මුදල් ඇපයක් හා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කළේය.

නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා එම නිලධාරීන්ට අගෞරවය හා වෛරය ඇති කරවන ප්‍රකාශ නිකුත් කිරීම, යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල්ල කිරීම ඇතුළු චෝදනා යටතේ පසුගිය ජූනි 28 දා ඔහු අත්අඩංගුවට ගැනුණු අතර අද (05) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago