“Every night in my dreams. I see you, I feel you…”Yeah! I feel your pain”
1968 මාර්තු 30 වන දා උපත ලද සෙලීන් ඩියෝන් (Celine Dion) කැනේඩියානු ගායිකාවකි. පොප් (pop), රොක් (rock), R&B, gospel සහ කැසිකල් ආදී එකී මෙකී නොකී සියලුම ගායන අංශයන්හි දස්කම් පෑ ඇයගේ ඇල්බම් මිල දී ගැනීමට පවා ලොව පුරා රසික හදවත් මහත් ඇල්මක් දක්වා තිබුණි.
ප්‍රංශ ගීතයට පදවැල් අමුණමින් තම සංගීත දිවිය ඇරඹූ ඇය පසුව ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, ලතින්, ජපන් සහ චීන යන භාෂාවලින් ද ගායනා කර තිබුණ ද ඇය ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා වලින් ගීත ගැයූ කෝකිලාවියකි.
“The Power of Love”, “Think Twice”, “Because You Loved Me”, “It’s All Coming Back to Me Now”, “My Heart Will Go On”, “I’m Your Angel”… ආදී රසික හඳවත් මුසපත් කල ගීත වලට පණ දුන්නේ ද Celine Dion විසිනි.
කෙසේ වෙතත් මේ දිනවල ඇයගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් සුභදායක නොවන බවට වාර්තා වේ. ඇගේ මාංශ පේශී පාලනය කළ නොහැකි අන්දමින් වේදනා ඇති කරවන අතර ඇවිදීමේ සහ ගායනා කිරීමේ නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණපෑමට ඇයට සිදු වී ඇති බව ඇය පැවසුවා ය. ලබන වසරේ එක්සත් රාජධානියේ සහ යුරෝපයේ සැලසුම්ගත සංදර්ශන සඳහා ද ඇයට සහභාගී විය නොහැකි බව වාර්තා වේ.
“මම දිගු කලක් තිස්සේ මගේ සෞඛ්‍ය ගැටලු සමඟ කටයුතු කරමින් ඉන්නවා” ඩියෝන් තවදුරටත් පැවසීය.
මෑතකදී මට ස්ටිෆ් පර්සන් සින්ඩ්‍රෝමය (Stiff Person Syndrome) නම් ඉතා දුර්ලභ ස්නායු ආබාධයක් ඇති බව හඳුනාගෙන ඇති බව ඇය පැවසූ අතර එය මිලියනයකින් එකකට බලපාන ස්නායු ආබාධයකි.
“අපි තවමත් මෙම දුර්ලභ තත්වය ගැන ඉගෙන ගනිමින් සිටින අතර, මම දැන් දන්නවා මට ඇති වූ සියලුම කැක්කුම් ඇතිවීමට හේතුව මෙයයි.” යනුවෙන් ඇය ඉන්ස්ටගෑමයෙහි වීඩියෝවක් පල කරමින් තම සංවේදී තතු ඉදිරිපත් කළා ය.
කෙසේ වෙතත් මෙම දුෂ්කර කාලය නිමා කරමින් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…