පියුමිගේ සුපිරි මෝටර් රථය කුඩු ජාවාරම්කරුගේ නිවසින් හමු වෙයි !

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ නමට ලියාපදිංචි කරන ලද BMW වර්ගයේ සුඛෝපබෝගී මෝටර් රථයක් රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් සහ කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ ගරාජයේ තිබී හමු වී තිබේ.

මෙම සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා කලක පටන් පොලිසිය මගහරිමින් සැඟව සිට ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කල දීර්ඝ විමර්ශනයකින් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරුවෙක්.

අදාළ සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු මෙම වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිර භාරයට ගැනුණි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේ මෙම සිදුවීමත් සමග ඔහු එම නිවස අතහැර දමා නාවල පාසල් මාවතේ ආසන්නයේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බවයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago