ශ්‍රී ලංකා

අතුරුගිරයේ දී ක්ලබ් වසන්ත මැරූ හැටි මෙන්න – සීසීටීවී දර්ශන නිකුත් වේ !

අද (08) උදේ 10ට පමණ මුව ආවරණ පමණක් පැළදගෙන සුදු ඇඳගත් තුවක්කු කරුවන් දෙදෙනෙක් පැමිණ ටී.56 ගිනි අවියකින් අතුරුගිරිය මන්සන්ධියේ කළ ද්වි පුද්ගල මිනීමැරුම සම්බන්ධ සී.සී.ටී.වී දර්ශන නිකුත් වී තිබෙනවා.

මිනීමරුවන් දෙදෙනා සුදු පැහැති මෝටර් රථයකින් පැමි. මෝටර් රථය ගොඩනැගිල්ලේ පහළ නවත්වා ඉහළ මාලයට දිවගෙන පැමිණ මෙම ඝාතනය සිදුකරන ආකාරය පෙනේ.

මෙම ප්‍රහාරය එල්ල වන්නේ ප්‍රකට ගායන ශිල්පී කේ සුජීවා විසින් අතුරුගිරිය මන්සන්ධියේ ටැටූ කලාව වෙනුවෙන් ආරම්භ කළ රූපලාවන්‍යාගාරයක ආරම්භක දිනයේ දී ය.

මෙම වෙඩි තැබීමෙන් එම ආරම්භක අවස්ථාවට පැමිණ සිටි ක්ලබ් වසන්ත හෙවත් සුරෙන් වසන්ත පෙරේරා සහ තවත් පුද්ලයෙක් මිය ගිය අතර ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබිණි. තවත් දෙදෙනෙක් හෝමාගම රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබති.

අතුරුගිරිය මූලික රෝහලට ඇතුළත් කළ ගායන ශිල්පිනී කේ.සුජීවා සහ තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

කේ.සුජීවාගේ පාදයට වෙඩි වැදී ඇති බවත් ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවත කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මේ වනවිට ඝාතකයින් වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබේ.

මෙම වෙඩි තැබීම ක්ලබ් වසන්ත ඉලක්ක කරගෙන සිදුවූවක් විය හැකි බවත්, පාතාල කල්ලි හා බැඳුන කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක එක් පිපිරී යෑමක් විය හැකි බවත් කියැවෙන තොරතුරු වාර්තා වෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago