ශ්‍රී ලංකා

ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට නොසන්සුන් තත්වයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, වතුකම්කරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන්.

රජය විසින් වැඩි කළ රුපියල් 1700ක වැටුප ඉල්ලා ඔවුන් අද (09) ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ කාර්යාලය විරෝධතාවක් ආරම්භ කළා.

එහි දී උද්ඝෝෂකයින් විසින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා හට දැඩිව විරෝධය එල්ල කළ බව සඳහන්.

මීට පෙර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බවයි.

එහි දී විරෝධතාකරුවන් රාජදුරෙයි මහතාගේ රුව සහිත පෝස්ටරයකට සෙරප්පුවලින් පහරදී ඔහුගේ රුව සහිත පඹයෙකු පුළුස්සා දැඩි ලෙස විරෝධය පල කළ බව සඳහන්.

ඒ මහතා ධම්මික පෙරේරා මහතාට අයත් හේලිස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂකවරයෙක් ලෙසද සේවය කරනු ලබනවා.

ඒ හේතුවෙන් විරෝධතාකරුවන් ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතාගේ කොළඹ – රීඩ් මාවතේ පිහිටි නිවස ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago