දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබිය දී අද (10) සිට සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පවසනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇත්තේ, රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබිය දී ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය විසින් හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව දැනුම් දී ඇතැයි ද එසේ වුවහොත් ඉහත පියවර ගැනීමට සිදුවන බවයි
මේ අතර, පෙරේදා (08 වැනිදා) සහ ඊයේ (09 වැනිදා) දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවී සේවයට වාර්තා කළ විධායක සේවා ගණයන්ට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (09 වැනිදා ) අනුමැතිය හිමි වුණා.
එමෙන්ම ඔවුන්ට ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකිවන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටද අනුමැතිය හිමිව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ සඳහා අදාළ චක්‍ර ලේඛ නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ලේකම් වෙත නියෝග කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
කෙසේ වෙතත් මෙම දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වූ රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් වර්ධක ලබානොදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…