අධ්‍යාපනික

වර්ජනයට දින 70 යි – අනධ්‍යන කාර්ය මණ්ඩලය කබලෙන් ලිපට වැටෙයි !

විශ්වවිද්‍යාල වැඩ වර්ජනයට සහාය පළ කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මාස දෙකක වැටුප් ලැබී නැති බැවින් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි.

වැඩ වර්ජනය ආරම්භ කර මාස දෙකකට වඩා (දින 70ක්) ගතවී තිබෙන බැවින් එම සේවකයෝ වෙනත් වෘත්තීන්වලට යොමුව ආදායම් මාර්ග සපයා ගැනීමට පෙළඹී ඇතැයි ද දැන ගන්නට ලැබේ.

ඇතැමුන් ඉදි කිරීම් සමාගම්වල මෙන් ම ආපන ශාලාවල දෛනික වැටුපට සේවය කරන බව ද වාර්තා වෙයි.

එසේ ම, ඇතැමුන් කොස්, දෙල් මෙන් ම බුලත්විට වැනි ද්‍රව්‍ය විකුණා දෛනික ආදායම සපයා ගන්නා බව ද දැන ගන්නට ලැබේ.

කොළඹ, ජයවර්ධනපුර, සෞන්දර්ය කලා, කැලණිය ආදී කොළඹ අවට විශ්වවිද්‍යාලවල රාජකාරි කළ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෝ වියදම් දරාගත නොහැකිව ගම්වලට ගොස් ඇතැයි වාර්තා වෙයි.

අප්‍රේල් 8 වන දා අවසන් වැටුප ලැබුණු බව ත් මැයි සහ ජූනි මාසවල වැටුප් මෙන් ම මැයි මාසයේදී ලැබීමට නියමිත පෙබරවාරි මස අතිකාල දීමනාව ලබා ගැනීමට තිබෙන බව ත් වර්ජනයේ යෙදෙන සේවකයෝ පැවැසූහ.

ගතවූ කාලය තුළ ආදායමක් නොමැති වීමෙන් විය හියදම් සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි පැවැසූ ඔවුහු ආහාරපාන, ඹෟෂධ, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ණය වාරික, වාහන ලීසිං වාරික, විදුලි, ජල හා දුරකතන බිල් ඇතුළු නානාවිධ වියදම් පියවා ගැනීමට නොහැකිව අපහසුතාවන්ට මුහුණ දී ඇතැයි ද සඳහන් කළහ.

වැටුපක් නොමැතිව කොළඹ ජීවත්වීම අපහසු බැවින් ගම්වලට පැමිණි තමන් වැඩ වර්ජනය මෙහෙයවන වෘත්තීය සමිති වට්ස්ඇප් ගෘෘප්වලින් ඉවත් කර ඇතැයි ද ඔවුහු කීහ.

කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණවලට සම්බන්ධ නොවන බව කියමින් සති දෙකක කාලයක සිට එසේ වට්ස්ඇප් සාමුහිකයෙන් තමන් ඉවත් කර ඇතැයි ද එම සේවකයෝ පැවැසූහ.

වැඩ වර්ජනයට සම්බන්ධ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල මැයි හා ජූනි වැටුප් හා මැයි අතිකාල දීමනා ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලිපියක් මගින් දැනුම් තිබීම පිළිබඳව කළ විමසීමකදී විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, තමන්ගේ ඉල්ලීම් ලැබෙන තුරු අරගලය නතර නොකරන බව ය.

බලධාරීන් වැටුප් දෙන බව කීවාට වර්ජනය නතර නොකරන බව පැවැසූ හෙතෙම ආණ්ඩුව පළමුව වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකළ යුතු බව ත් ඉන් අනතුරුව වැඩ වර්ජනය පිළිබඳව තීරණයක් ගත හැකි බව ත් ප්‍රකාශ කළේ ය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago