ශ්‍රී ලංකා

වර්ජනයෙන් තැපෑලත් හිර වෙයි – වර්ජනය නිසා ගොඩගැසුණු ලිපි සංඛ්‍යාව ලක්ෂ දහස ඉක්මවයි !

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් සිර වී තිබෙන බව තැපැල් වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 07ක පමණ ප්‍රමාණයක් සිරවී තිබෙන බවයි.

විවිධ ශ්‍රේණි වලට අයත් පුරප්පාඩු 7000 සම්පූර්ණ කිරිම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස් වීම් ලබාදීම ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති විසින් සදුදා (08) සිට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

ඊයේ (09) දහවල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැය 48ක සංකේතාත්මක වර්ජනය අවසන් කිරිමට කටයුතු කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago