ශ්‍රී ලංකා

ටැටූ ෂොප් හිමිකරුගේ පාපොච්චාරණය “රියැලිටි ෂෝ” එකක් කරන්න ගිය පොලිස් නිලධාරීන්ට වැඩ වරදී !

සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහල පොලිස් කණ්ඩායමට එරෙහිව වහාම පූර්ණ පරීක්ෂණයක් පවත්වා සති දෙකක් තුල වාර්තාවක් සපයන්නයි පොලිස් කොමිසම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා.

අතුරුගිරියේ දී ඝාතනය වූ ක්ලබ් වසන්ත සහ නයන වාසල එදිරිසූරිය ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති වැදගත්ම සැකකරු වන සිද්ධිය වූ ටැටූ චිත්‍රාගාරයේ හිමිකාර තරුණයා විලංගු පිටින් මාධ්‍ය ඉදිරියට ගෙනවිත් ඔහු ලවා පාපොච්චාරණයක් කරවා සමාජ ගත කිරීමට කටයුතු කළ බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපණ ඇතුළු නිලධාරීන් සම්බන්ධව දැඩි විනය පියවරක් ගනීමට පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියා ඇතුළු පොලිස් කණ්ඩායමේ උක්ත හැසිරීම දැඩි ලෙස විවේචනය කර ඇති පොලිස් කොමිසම සැක කරුවන් පිළිබඳ මේ ආකාරයේ හෙළිදරව් කිරීම් තහනම් කරමින් වෙනත් පොලිස්පතිවරුන් යටතේ විශේෂ චක්‍රලේඛ ගණනාවක් නිකුත් වී තිබිය දි මේ එම චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මෙම නිලධාරියා හැසිරී ඇත්තේ කෙසේ දැයි පොලිස් කොමිසම විමසා ඇත.

සිද්ධියට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව දෙසතියක් තුළ පූර්ණ විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාල වාර්තාව පොලිස් කොමිසම වෙත යොමු කරන ලෙස ද කොමිසම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

අත් අඩංගුවට පත් සැකකරුවෙකුගේ දර්ශන රූගත කර ඔහුගේ ප්‍රකාශත් සමග මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පොලිසිය මැදිහත්වීම සම්බන්ධව ඊයේ (10) අධිකරණයේ දැඩි අවධානය ද යොමු වුණා.

සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඇය පොලිසියට නියෝග කළේ අවශ්‍යනම් බන්ධනාගාරයට ගොස් අවශ්‍ය සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසය.

එමෙන්ම ලොකු පැටීගේ ගෝලයින් ලෙස සැලකෙන අපරාධකරුවන් බන්ධනාගාරය තුළ සිටින බැවින් සැකකරුවන්ට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ද ඇය බන්ධගානාගාර නිලධාරීන්ට නියෝග කළාය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago