ශ්‍රී ලංකා

ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් රග්බි ක්‍රීඩිකයින්ට රක්ෂණාවරණයක් ! (PHOTOS)

ක්‍රීඩා, යෞවන කටයුතු සහ සංචාර, ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාසල් රග්බි ක්‍රීඩකයින් සදහා රක්ෂණාවරණයක් ලබා දීම සිදු විය. මෙය රග්බි ක්‍රීඩාවෙහි නියුතු පාසල්වල වයස අවුරුදු 19 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩවල රග්බි ක්‍රීඩකයින් හට හිමි වේ.  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මෙම රක්ෂණාවරණය හිමි වේ.

ශ්‍රී ලංකා රග්බි විනිසුරු සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුගේ පුහුණුවීම් හා දක්ෂතා නංවාගැනීම සදහා මෙන්ම තාක්ෂණය වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් ගරු අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ රුපියල් ලක්ෂ 50 ක මුල්‍යමය ප්‍රදානයක් සිදු කරන ලදි.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දීර්ඝකාලීන කැපවීමක් මත කොළඹ ඉසිපතන විද්‍යාලයට හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය කැබිනට් පත්‍රයක් මගින් පැවරුණි. මෙම අවස්ථාවේ එය නිළ වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාසල වෙත භාරදීම සිදු කරන ලදි.

පසුගිය වසරේ පාසල් රග්බි තරගාවලිය අතරතුර අනතුරට ලක්වූ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ එච්.අයි.සී. ද සොයිසා ක්‍රීඩකයා හට ලක්ෂ 10 ක මූල්‍යමය ප්‍රදානය සිදු කිරීමද මෙහිදී සිදු කෙරිණි.

එම අවස්ථාව ඇතුළත් ඡායාරූප පෙළක් පහතින්,

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

15 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago