ශ්‍රිලනිප නිමල්ලා, නව සන්ධාන ලාන්සලා එකම වේදිකාවක සිට බදුල්ල ජන බලය ගොඩනගයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ තෙවන ජන රැළිය අද (14)පස්වරු 2.00 ට බදුල්ල විල්ස් පර්ක් ක්‍රිඩාංගනයේදී අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව ඇරඹිනි.

“දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව යටතේ විශල ජනතා සහභාගිත්වයකින් යුතුව ඇරඹි බදුල්ල ජන රැළිය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් විසින් සංවිධාන කරනු ලැබීය.

ශ්‍රිලනිප ප්‍රමුඛ නව සන්ධාන ජන රැළි මාලාවේ බදුල්ල ජන රැළියට වාර්තාගත ජනතාවක් සහභාගි වී සිටීම විශේෂත්වයකි. ආර්ථිකය ශක්තිමත් කිරීම හා රට නිවැරදි දිශානතියකට ගෙන යා හැකි බලවේගය ශ්‍රිලනිපය ප්‍රමුඛ නව සන්ධානය බැවින් ප්‍රගතිශීලි ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන දිනෙන් දින සන්ධානය වටා ඒකරාශී වෙමින් සිටින බවත් ඉදිරියේදී දැවැන්තම සන්ධානය ගොඩ නඟන බව සන්ධාන නයකයින් ප්‍රකාශ කරයි.

මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, නිමල් ලාන්සා, චාමර සම්පත් දසනායක, නලින් ප්‍රනාන්දු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වූහ. එමෙන්ම නව සන්ධානයට සහය දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.

TEAM CNF 02

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

20 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

24 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago