දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්රවාහයේ වැඩිවීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය හම්බන්තොට දිස්ත්රික්කවත පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකියි.
එමෙන්ම සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මීට අමතරව කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.
මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 50කට වැඩි වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…