තලංගම කොස්වත්ත අටේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
තුවාල ලැබූවන් අතර අනතුර සිදු කළ මාර්ග අංක 177 බස් රථයේ රියැදුරාද වන බව පොලිසිය කියයි.
මාර්ග අංක 190 මීගොඩ පිටකොටුව සහ මාර්ග අංක 177 කඩුවෙල කොල්ලුපිටිය දක්වා ධාවනය වන බස් රථ මෙලෙස එකිනෙක ගැටී තිබෙනවා.
මීගොඩ සිට පිටකොටුව දක්වා ධාවනය වන බස් රථය බත්තරමුල්ල තලාහෙන පසුකර ධාවනය වීමේදී කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වන බස් රථය එයට පිටුපසින් පැමිණ කොස් වත්ත 8 කණුව ප්‍රදේශයේදී ඉදිරියෙන් ගමන් ගත් බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…