සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023,2024 පාසල් අයඳුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින්, විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉහත විභාගය සඳහා අයඳුම්පත් කැඳවීම 2024/07/12 වන දින සිට 2024/07/29 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන බවය. සියලුම අයදුම්කරුවන් තමන්ගේ විදුහල්පති/ පාසල් ප්‍රධානීන් මඟින් අයදුම්පත් යොමු කිරීම කළ යුතු ය.
ඒ අනුව විදුහල්පතිවරුන් / පෞද්ගලික පාසල් ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම ‘DOE’වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත්‍ර යොමු කළ යුතු වේ.
අයදුම්කරුවන්ට පෞද්ගලිකව අයදුම් කළ නොහැකි අතර උක්ත විභාගය සඳහා රජයේ හා පෞද්ගලික පාසල් විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබාදී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු වේ.
ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතුය.
මෙම විභාගය සඳහා අයදුම්පත් යොමු කළ හැක්කේ 2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පළමුවර පෙනී සිටි 2023 පැවති GIT විභාගය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ සිසුන්ට 2023 වර්ෂයේ දී 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට හා 2024 12 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් වන අතර දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති වර්ෂ අතරින් සිසුන්ගේ අදාළ වර්ෂය තෝරා ගත යුතුය.
පෞද්ගලික පාසල් සිසුන්ගේ සියලුම තොරතුරු ඒ ඒ වර්ෂ අනුව දත්ත පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසුව ගාස්තු ගෙවීම් කළ යුතුය.
ගාස්තු ගෙවීම් කිරීමෙන් අනතුරුව නවක සිසුන් ඇතුළත් කළ නොහැකිය.
වැඩි විස්තර,
1911
0112 786 616 / 0112 784 537 / 0112 784 208
ෆැක්ස් – 0112 784 201
පොදු අංක – 0112 785 202 / 0112 786 200 / 0112 784 201
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…