ශ්‍රී ලංකා

ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ පිරිවැය රු. මිලියන 800ක් !

එළැඹෙන ජනාධිපතිවරණයේ මුද්‍රණ පිරිවැය රුපියල් මිලියන 800ක් පමණ වැය වන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා. එය 2019 ජනාධිපතිවරණ පිරිවැයට සාපේක්ෂව හතර ගුණයකින් වැඩි බවයි එම මහත්මිය පවසන්නේ.

ඇය මේ බව පැවසුවේ The Daily Morning පුවත්පතට අදහස් දක්වමින්.

මේ සම්බන්ධයෙන් දහස් දක්වමින් එතුමිය පවසන්නේ, ජනාධිපතිවරණය සඳහා භාවිත කරන ඡන්ද පත්‍රිකාව 2019 භාවිත කළ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණයට සමාන නම් මුද්‍රණය කිරීමේ උපරිම මුදල රු. මිලියන 800 ක් වනු ඇති බවයි.ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අඩකින් අඩු කළහොත් මුළු මුද්‍රණ වියදම රු. මිලියන 600 ක් දක්වා අඩු වනු ඇති බව ඇය පවසනවා.

“මෙය දළ ඇස්තමේන්තුවක් පමණයි. අපට වඩාත් නිවැරදි ඇස්තමේන්තුවක් කළ හැක්කේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර මුද්‍රණයට අදාළ අවශ්‍යතා මැතිවරණ කොමිසම මගින් නිසි ලෙස දන්වන විට පමණයි. නමුත් උපරිම වියදම රුපියල් මිලියන 800ක් බව මම දන්වා තිබෙනවා. හැකිතාක් වියදම් අඩු කර ගැනීමට කොමිසම අපට සහාය වනු ඇත.”

ඇය පවසයි.

ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට ලිපියක් යවා තිබුණා. ඉන් අනතුරුව දෙපාර්තමේන්තුව මැතිවරණයට අදාළ මුද්‍රණ වියදම් ඇස්තමේන්තු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

පසුගිය 2019 ජනාධිපතිවරණයට සාපේක්ෂව මුද්‍රණ වියදම්වල සැළකිව යුතු වැඩිවීමක් පෙන්නුම් කරන මෑත කාලීන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ගංගානි ලියනගේ මීට පෙර අවස්ථාවක ද පැහැදිලි කළේ, මෙම වසරේ (2024) මුද්‍රණ පිරිවැය 2019 වර්ෂයට වඩා හතර ගුණයකින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago