2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ, මිල්වෞකි නගරයේ ඊයේ (15) ආරම්භ කළ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදීයි.
පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව සුළු තුවාල ලැබු හිටපු ජනාධිපතිවරයා සමුළුවට සහාභාගි වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් වුණා
දින 04 ක් පුරා මෙම ජාතික සම්මේලනය පැවැත්වීමට නියමිතයි.
මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කරුණු අතර 39 හැවිරිදි ඔහායෝ සෙනෙට් සභික ජේ ඩී වාන්ස් රිපබ්ලිකන් පක්ෂ උපජනාධිපති ධුරය සඳහා නම් කෙරුණා.
අමෙරිකාව යළිත් විශිෂ්ට රාජ්‍යක් කිරීම වෙනුවෙන් ඔහු සිය උපරිම දායකත්වය ලබාදෙන බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සම්මේලනයේදී ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…