වයස අවුරු හයක කුඩා දරුවට නිවැසියන් අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝවක් පිළිබඳව බොහෝ දෙනාගේ කථාබහට ලක්වී තිබෙනවා.
හය හැවිරිදි වියේ පසුවන මෙම දරුවා ඇහැළගස්තැන්න, අරණායක, මාවනැල්ල ප්‍රදේශයේ සිය මව සමග දැනට මිත්තණියන්ගේ නිවසේ සිටින අතර, දරුවාගේ පියා මව සමග ඇති කර ගෙන ඇති ආරවුලක් හේතුවෙන් මවගෙන් වෙන්ව ඇති බවයි අසල්වාසීන් පවසා සිටින්නේ.
පාසල් යන වයසේ වුවද පාසල් නොයවා නිවසේ රදවාගෙන සිටින මෙම කුඩා දරුවාට මව ඇතුළුව වියපත් කාන්තාවන් දෙදනකු විසින් වරින් වර අමානුෂික ලෙස මෙලෙස නිරායාසයෙන්ම පහර දෙන බවයි ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ.
මෙම කුඩා දරුවාට රැයක් දවාලක් නොබලා ඉවක් බවක් නොතකමින් මෙලෙස අමානුෂික පහරදීමෙන් දරුවා බරපල ලෙස පහර කෑමට ලක්වන බවයි අසල්වාසීන් කියා සිටින්නේ.
මේ හේතුව නිසාවෙන් මේ වන විට දරුවාගේ මානසිකත්වයද මුළුමනින්ම විනාශයට පත්ව ඇති බව කියයි.
ඉකුත් (12) වන දින සවස් කාලයේ දරුවාට සිය මිත්තනියන් අතුළුව මවද මෙලෙස අමානුෂික ලෙස පහර දෙමින් බිම දිග ඇදගෙන යාමත් පසුව නිවස තුළට රැගෙන යමින් දොරගුළු දමා පහර දෙන ආකාරයේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංචරණය වෙමින් තිබෙනවා.
ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසියට ලද පැමිණිල්ලකට අනුව දරුවාට පහරදුන් බව කියන සැකකාර මිත්තනියන් දෙදෙනා සහ පහර දීමට අනුබල දුන් බව කියන දරුවාගේ මව සහ අසල්වාසී කාන්තාවක අරණායක පොලිසසිය විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ වන විට පහර කෑමට ලක්වූ දරුවා පියාගේ භාරයේ රදවා පියා මගින් වැඩිදුර ප්‍රතිකාර කටයුතු සදහා මාවනැල්ල මූලික රෝහල වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය වරයා වෙත දරුවා ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැදවීමට නියමිතව ඇති බවයි පරික්ෂණ පවත්වන අරණායක පොලිසිය සදහන් කරන්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාවන් පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ දරුවා අධික ලෙස මුරන්ඩු වීම හේතුවෙන් මෙසේ පහර දුන් බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…