ශ්‍රී ලංකා

ලබන සඳුදා සිට නැවතත් ගුරු – විදුහල්පතිවරු අකුරට වැඩ කිරීමේ සූදානමක් !

එළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ගුරු විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට ආණ්ඩුව කටයුතු නොකරන නිසා ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අනුව, පාසල් වේලාවෙන් පසු ද, සති අන්තයේ දිනවල හා නිවාඩු දිනවලද විෂය පරිබාහිර කටයුතු සිදු නොකරන බවත්, වට්ස් ඇප් සමූහ හරහා බලධාරීන් සමග රාජකාරි කටයුතු සිදුකිරීමේ කටයුතු වලින්ද ඉවත්වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ.

පාසල් වේලාවෙන් පසු, නිවාඩු දිනවල හා සති අන්තයේ දිනවල ගුරු විදුහල්පතිවරුන් රාජකාරි විශාල ප්‍රමාණයක් සිදුකරන බවත්, අදාළ ගැටලු විසඳන ලෙස ඉල්ලා මේ මස 22 වැනි දින සිට සති දෙකක කාලයක් පරිබාහිර රාජකාරි වලින් ඉවත් වී අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවත් ඔවුහු සඳහන් කරති.

ඉන් පසුව ඉදිරි ක්‍රියා මාර්ග සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත්, ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම යටතේ තුනෙන් දෙකක කොටස ලබා දෙන ලෙසත් පාසල් උපකරණ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් වෙන් කර පාසල් නඩත්තු කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරිම සිදුනොකරන ලෙසත් ඉල්ලා මෙම ක්‍රියා මාර්ගය සිදුකරන බවද බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago