සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ” වැඩසටහන යටතේ ඉදිකරන ලද පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්වුණි.
උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයට මෙතෙක් අඩුවක්ව පැවති ජාතික ක්‍රීඩාංගණයක අඩුව මකාලමින් ජනතා අයිතියට පත්වන පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ක්‍රිකට් ආයතනය වැය කර ඇති මුලු මුදල මිලියන 170කි. පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අක්කර 45ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම ක්‍රීඩාංගණය තණ තීරු 10කින් සමන්විත ය.මෙම ක්‍රීඩාංගණයේ ඇති තවත් සුවිශේෂිත්වයක් වනුයේ ප්‍රධාන තණ තීරුවේ සිට ක්‍රීඩාංගණය වටාම මීටර් 80ක දුරින් හතරේ සීමාව එළීමේ හැකියාවෙන් යුක්ත වීමයි.
උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමය යටතේ පවතින අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, යන දිස්ත්‍රික්ක මෙන්ම නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමට මෙම ක්‍රීඩාංගණය මනා තෝතැන්නකි.
තව ද ග්‍රාමීය ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව “ක්‍රීඩාව ගමට ගෙන යාමේ” සංකල්පය අනුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, මැදිරිගිරිය ජාතික පාසල, සේවාමුක්ත කඳවුර ජාතික පාසල, විලෙයාය ජාතික පාසල, සෙවනපිටිය ජාතික පාසල, අත්තනකඩවල ජාතික පාසල, බකමූණ මහසෙන් ජාතික පාසල, අසේල පුර මහා විද්‍යාලය, තෝපාවැව ජාතික පාසල මින්නේරිය ජාතික පාසල, රජරට මධ්‍ය මහ විද්‍යාලය, මැදිරිගිරිය ජාතික පාසල යන පාසල් සඳහා මෙන් ම ක්‍රීඩා සංගම් 10ක් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම ද මෙහිදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සුරතින් සිදුවිය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…