උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.
ඔහිය ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පවතින අධික සුලං තත්ත්වයත් සමග අද (19) උදෑසන මෙසේ දුම්රිය මාර්ගය ට විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටී මාර්ගය අවහිර වී තිබෙනවා. එම විශාල ටර්පන්ටයින් ගස් කපා ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළා.
දුම්රිය මාර්ගයට විශාල ගස් කඩා වැටී තිබෙන බව දුර දී දැක ඇති බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරණ උඩරට මැණිකේ දුම්රිය රියදුරු ධාවනය වෙමින් තිබූ දුම්රිය නවතා ගෙන විශාල අනතුරක් වලකාගත් බවද එම දුම්රියේ ගමන් ගත් මගීහූ පැවසූවා.
මේ නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…