ශ්‍රී ලංකා

‘ඔන් මැක්ස්‘ ලොක්කෙකුගේ කෝටි දෙකක දේපොළ තහනමට !

රුපියල් කෝටි 500කට අධික මුදල් වංචා කළේ යැයි කියන ” ඔන්මැක්ස් ඩී.ටී.” පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ සැකකාර අධ්‍යක්ෂවරයකු වන ධනංජය ජයාන් ගේ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් දේපළ තහනමට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18) නියෝගයක් නිකුත් කළා.

ඔන් මැක්ස් සැකකරුවන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කළ නියෝගය ප්‍රකාරව රහස් පොලිසිය මගින් අනාවරණය කරගත් අත්තනගල්ලේ පිහිටි අක්කර දෙකහමාරක ඉඩමක් මෙසේ තහනමට ලක්කර තිබෙනවා.

අදාල නියෝගය අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට යොමු කරන ලෙසද මෛහේත්‍රාත්වරයා දන්වා සිටියා. සැකකාර අධ්‍යක්ෂකවරුන් ජනතාවගෙන් වංචා කරමින් ලබා ගත්තේ යැයි කියන මුදල් මගින් දේපළ මිලදී ගැනීම් හා එම මුදල් විවිධාකාරයෙන් ආයෝජනය කර තැන තැන හංගා ඇති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය පසුගිය නමවැනි දින නිකුත් කළේය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago