ශ්‍රී ලංකා

පාස්පෝට් කාර්යාලය උණුසුම් වෙයි !

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක් අද(19) පෙරවරුවේ ඇතිවුණා. ඒ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමවේදය අද සිට නැවත ආරම්භ කිරීමත් සමඟයි.

මෙම නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් කැරළි මර්දන ඒකකය කැඳවීමට පියවර ගත් අතර ජනතාව දෙපාර්තමේන්තුව තුළට යොමු කිරීමට පොලිසියට මැදිහත්වීමට සිදුවුණා.

සේවා ගැනීමට පැමිණි ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ දිගු පොලිම්වල රැදී සිටීමට සිදුවිය.

එහි රැදී සිටින ජනතාව පැවසුවේ දිනයක් සහ වේලාවක් වෙන්කිරීම අනිවාර්ය යැයි ජනතාව නිසිපරිදි දැනුවත් නොමැති බවත් යාපනය, මඩකළපුව, පොළොන්නරුව ආදි රට පුරා දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙම තත්වයෙන් අපහසුතාවට පත්ව සිටින බවයි.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එක්දින සහ සාමාන්‍ය සේවා සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බවත් දිනයක් සහ වේලාවක් වෙන්නොකර එන පුද්ගලයන්ට සේවා සපයන්නේ නැති බවයි.

දිනයක් සහ වේලාවක් වෙන්නොකර කාර්යාලයට පැමිණ විවිධ ආකාරය බලපෑම් කළ හොත් සේවා සැපයීම කළ නොහැකි තත්වයකට පත්වන බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Team CNF

Recent Posts

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න -වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

15 minutes ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 hour ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

2 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

4 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

5 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

5 hours ago