වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින රෝගී රැඳවියන්ව වැඩි දුර ප්‍රතිකාර සඳහා හෝ හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත නිසි වේලාවට ඇතුළත් කරගත නොහැකි වීම හේතුවෙන් රැඳවියන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් මතුව තිබෙනවා.
රැදවියන්ගේ ඥාතිහු පවසන්නේ, හදිසි අවස්ථාවන්වලදී විශේෂ ප්‍රතිකාර ලබා දිය යුතු රැදවියන්ව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එවීමට ඒ මොහොතේ සිටින බන්ධනාගාර නිලධාරින්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් රැඳවියන්ට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.
ඇතැම් අවස්ථාවන්වලදී සායනයන් වෙත නිසි වෙලාවට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් රෝගී රැඳවියන්ට අවශ්‍ය ඖෂධ නොලැබිම හේතුවෙන් සති ගණන් ඖෂධ නොමැතිව සිටීමට සිදුවන අවස්ථාවන්ද වාර්තා වී තිබෙනවා.
නමුත් ප්‍රභූ පංතියේ රැඳවියන් බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට වෛද්‍ය නිර්දේශයන් ලැබෙන විට එය නොපිරිහෙලා කිරීමට බන්ධනාගාර නිලධාරීන් සැදී පැහැදි සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියා.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ, බන්ධනාගාර නිලධාරීන්ගේ විශාල හිඟයක් පවතින බැවින් මෙවැනි ප්‍රමාදයන් සිදුවන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…