Categories: Uncategorized

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ජනාධිපතිවරණයෙන් ඉවතට !

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු වෙනුවට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනපතිවරණ අපේක්ෂක ලෙස උප ජනාධිපති කමලා හැරිස් නම් කර තිබෙනවා. 

පසුගිය ජුනි මාසයේ පැවති ජනාධිපතිවරණ පළමු විවාදයෙන් පසු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස බයිඩන්ට ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් දැඩි බලපෑම් එල්ල වූවා. ඇමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මස පැවැත්වීමට නියමිතයි.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ ජනාධිපති ධුරයට පත්වීම තම ජීවිතයේ ලද ලොකුම ගෞරවය බවයි.

එමෙන්ම, එහි ඔහු සඳහන් කර ඇත්තේ “නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී ඇති නමුත්, මා ඉන් ඉවත් වී මගේ ධූර කාලය තුළ ජනාධිපති ලෙස යුතුකම් ඉටු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම මගේ පක්‍ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි.” යනුවෙන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago