දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගැබිණි ගුරුවරියකට එම විද්‍යාලයේ නියොජ්‍ය විදුහල්පතිවරයා ලිංගික අතවරයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අතවරයට ලක් වූ 30 හැවිරිදි වින්දිත ගුරුවරිය විසින් සිරිපුර පොලිසියේ කරන ලද පැමිණිල්ලකට අනුව එම නියොජ්‍ය විදුහල්පතිවරයා ඊයේ (21) අත් අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය පවසනවා.
අඩංගුවට පත් වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා 56 හැවිරිදි පුද්ගලයෙකි.
ගුරුවරිය මේ වන විට දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුගිය18 වෙනිදා විද්‍යාලයේදී මෙම සිද්ධිය සිදු වී ඇති අතර, සිද්ධිය සම්බන්ධව විද්‍යාලයේ ආරක්ෂිත කැමරා විමර්ශකයින්ගේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු කර සියලු වාර්තාවන් දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා අද (22) දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවයි පොලීසිය පවසන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…