සෞඛ්‍ය

යළිත් ඖෂධ හිඟයක් ගැන අනාවරණයක් !

 වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ, වෛද්‍ය සැපයුම් අංශයේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමෙන් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි නවතම විගණකාධිපති වාර්තාවෙන් තහවුරු කරන බවයි.

මේ හේතුවෙන් රෝහල් පද්ධතියේ ඖෂධ හිගයක් මතුව ඇති බවත්, ලබන වසර වනවිට නැවතත් ඖෂධ හිඟයක් ඇති විය හැකි හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළදී රුපියල් කෝටි ගණනක් වැය කර, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කළ තත්ත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝහල්වල ගැටලු රැසක් නිර්මාණය වුණා.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ, එවැනි පසුබිමක වෛද්‍ය සැපයුම් අංශයේ සාමාන්‍ය ප්‍රසම්පාදනය අත්හිටුවීමෙන් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා තම නවතම විගණන වාර්තාවෙන් දක්වා ඇති බවයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago