නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (23) කොළඹ වෝඩ් පෙදෙසෙන් හමු වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක පමණ පුද්ගලයෙකු බවයි.
අද (23) අලුයම 1ට පමණ කුරුඳුවත්ත පොලීසියට 119 දුරකථන අංකයට ලද පණිවුඩයක් මත ජාතික දන්ත රෝහල අසල දී අදාළ ත්‍රීරෝද රථය සොයා ගෙන තිබුණා.
පසුව අදාළ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සිදුකළ සොයා බැලීමේ දී එය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවට අනාවරණය වී ඇති අතර .එම පුද්ගලයාගෙන් කරුණු විමසීමේ දී ඔහු පවසා ඇත්තේ, ත්‍රීරෝද රථය තම මස්සිනා වන 33 හැවිරිදි අයෙකුට හයර් දිවීම සඳහා ලබා දී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…