දේශපාලන

“නාමල් ගැන මගෙන් අහන්න එපා” – මහින්ද රාජපක්ෂ කියයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සාකච්ඡාවක් පැවැත්වුණා.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කර සිටියා.

“මේ කාලේ ජනාධිපතිවරණය ගැන තමා සාකච්ඡා කරන්නේ. අපි වෙලාවට ප්‍රකාශ කරන්නම්. අපේක්ෂකයා කවුද කියලා තාම අපි තීරණය කරලා නැහැ. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. පොහොට්ටුවේ කෙනෙක් වෙන්න පුළුවන්.”

මාධ්‍යවේදීයා – රනිල් මහත්තයා නෙවෙයි ද.?

“මං දන්නේ නැහැ කොහොමද කියලා. මැතිවරණය තියනවා.

මාධ්‍යවේදීයා – 22 සංශෝධනය එක්ක මැතිවරණය කල් යයි ද.?

“ඒ ගැන කියන්න දන්නේ නැහැ. බලමු. කල් යන්න නොදී මැතිවරණය තියයි කියලා බලාපොරොත්තු වෙනවා.

මාධ්‍යවේදීයා – පොහොට්ටුවේ ජයග්‍රහණය මොන වගේ මට්ටමක ද තියෙන්නේ.?

“ඉහළම මට්ටමේ.”

මාධ්‍යවේදීයා – ඔබතුමාට විශ්වාසයි ද ජයග්‍රහණය කරයි කියලා

“අනිවාර්යයෙන් ම.”

මාධ්‍යවේදීයා – රනිල් වික්‍රමසිංහ මැතිතුමානේ අනිවාර්යයෙන් ම එන්නේ.?

“නැහැ. එක එක්කෙනාගේ නම් තියෙනවා. ධම්මික පෙරේරා, අර පෙරේරා කියලා හැම කෙනාගේම නම් තියෙනවා.”

මාධ්‍යවේදීයා – ඔබතුමාගේ හිතේ කවුද ඉන්නේ.?

“මගේ හිතේ තියෙන එක දැන්ම ම කියන්නේ නැහැ. වෙලාවට කියන්නම්.”

මාධ්‍යවේදීයා – නාමල් මහත්තයාට තව ටික දවසක් තියෙනවා ද.?

“ඒක නාමල්ගෙන් අහන්න කෝ. කල් තියෙනවා. එයාගෙන් අහන්න කෝ.. එයාගෙන් බලාපොරොත්තුවක් තියෙනවා ද කියලා දන්නේ නැහැ. එයාගෙන් අහන්න මගෙන් අහන්න එපා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

19 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago