ශ්‍රී ලංකා

බේරේ වැවෙහි කුරුලු දූපත බදු දෙයි !

කොළඹ බේරේ වැවෙහි පිහිටි කුරුලු දූපත පිහිටි ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කාරක සභාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

2000 වර්ෂයේදී කොළඹ නගර සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙස බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිරිතදිග බේරේ වැවේ පිහිටි පර්චස් 143 ක් පමණ වූ කුරුලු උයන දූපත නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන තිබෙනවා.

කෙසේ නමුත් දැනට ඌන උපයෝජිත තත්ත්වයේ පවතින මෙම ඉඩම් කොටස බෞද්ධ පුදබිමක් ලෙස හා සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කෙරෙන ආකර්ෂණීය සංචාරක ස්ථානයක් ලෙසින් සංවර්ධනය කිරීමට ගංගාරාම විහාරාධිපති හිමියන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව එකී ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව වෙත රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන බදු වටිනාකම මත පදනම්ව අවුරුදු 50ක කාලසීමාවක් සඳහා ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

ජනාධිපති අරමුදලේ සේවා ලබන මස සිට ප්‍රාදේශිය මට්ටමින් – විශේෂ නිවේදනයක්!

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…

45 minutes ago

Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට!

හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…

4 hours ago

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…

6 hours ago

පොල් හිඟයට ඇත්තම හේතුව මෙන්න !

රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…

10 hours ago

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසා ද?

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…

10 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි !

අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

10 hours ago