නේපාලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුර සිදුව ඇත්තේ කත්මන්ඩු අගනුවර, යානය ගුවන්ගත කිරීමේදී බව සඳහන්.
ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන Pokhara වෙත නඩත්තු කටයුතු සඳහා ගමන් කිරීමට නියමිතව තිබූ එම Saurya Airlines යානයේ අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඔවුන් ගුවන් සමාගමේ තාක්ෂණික කාර්ය මණ්ඩලය බව සඳහන්.
අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝවලට අනුව ගුවන්ගත වීමේදී යානය හදිසියේම පෙරළී ගොස් එහි පියාපත් තුඩ බිම වැදී ගින්නක් හටගන්නා අයුරු දක්නට ලැබේ.
අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් කත්මන්ඩු පොලිස් මාධ්‍ය ප්‍රකාශක විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ, අනතුරින් ගුවන් නියමුවා හිසට තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…