ශ්‍රී ලංකා

අනුරගේ මඩවලට හරීන්ගෙන් පිළිතුරු !

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාරගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය හෙළි කරන ලෙස සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පිළිතුරු ලබාදී තිබෙනවා.

අද දින අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා තිබෙනවා. එම ලිපිය සමඟ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සියලු විදෙස් ගමන්වල තොරතුරු ද ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පදනම් විරහිතව, අවඥා සහගතව සිදුකරන ලද චෝදනා පිළිකුලෙන් යුතුව හෙලා දකින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දක්වා තිබෙනවා. එමෙන්ම එම සිදුකරන ලද ප්‍රකාශය අනුර කුමාර දිසානායක මහතා විසින් ම නිවැරදි කළ යුතු බව එම ලිපියේ තරයේ අවධාරණය කර ඇත.

සංචාරක කර්මාන්තය තබා, සංචාරකයෙකුවත් සොයාගත නොහැකි වකවානුවක් තුළ සංචාරක අමාත්‍යංශය බාර ගැනීම සහ අද ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැඟී ඇති ආකාරය කොතෙක් ද යන්න කුහක වත ඉවත දමා බලන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි බව මෙම ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා. එමෙන් ම සංචාරක කර්මාන්තයේ ඉතිහාසගත් වාර්තාවක් තැබීමට මෙම දෙවසර තුළ හැකි වූ බවත්, ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට මෙන් ම ලොව වේගයෙන් ම දියුණුවන සංචාරක කර්මාන්තය ඇති රටක් ලෙස කීර්තියට පත්වීමට ද මෙම දෙවසර තුළ හැකි වූ බව මෙම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

තව ද ක්‍රීඩා අමාත්‍යංශය භාරගැනීම සිදු වූයේ මෙරටට එරෙහිව ක්‍රිකට් තහනමක් පැවති අවස්ථාවක වන අතර එම තහනම ඉවත් කරගැනීම සඳහා විදෙස් සංචාවල යෙදීමට සිදුවූ බව මෙහි පෙන්වා දී තිබෙනවා.

සම්පූර්ණ ලිපිය පහතින්,

Official-Letter-and-Travel-Expenses-Attachment
Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago