‘ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030’ ඩිජිටල්කරණය බිම්මටමට ගෙනයෑම කෑගල්ලෙන්

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය නිසි ආකාරයින් නොවීමට මූලිකම හේතුව වී ඇත්තේ ඩිජිටල්කරණය පිළිබඳව නීති සම්පාදනය කරන්නන් සහ බිම් මට්ටම අතර තිබුණු දුරස්ථභාවය මෙන්ම ඩිජිටල්කරණය සඳහා දිගුකාලීන සැලැස්මක් නොමැති වීමය.

එයට විසඳුමක් ලෙස Digital Strategy 2030 හෙවත් ‘ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030’ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසුව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ මූලිකත්වයෙන් තාක්ෂණ අමාත්‍යංශය මඟින් සිදු කෙරිණි.

ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030 මූලික අංශයක් වනුයේ ශ්‍රී ලංකාව පුරා සිටින කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවවසායකයින් සවිබල ගැන්වීමයි.

ඒ අනුව යමින් (SME) කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ මූලික අදියර ජූනි 22 වැනිදා ආරම්භ කර මේ වනතෙක් අති සාර්ථකව සිදු කරගෙන යමින් තිබේ.

මෙහිදී තරුණ සේවා සභාවේ තරුණ කණ්ඩායම් මඟින්, කෑගලු නගරයේ සියලු නගර ආවරණය කරමින් කඩපිලට, පොලට, සාප්පුවටම පැමිණ ඩිජිටල් යුගයේ දියුණු වීමට අවශ්‍ය ඩිජිටල් මෙවලම් වන,

ගෙවීම් සඳහා QR කේතය භාවිතය
ව්‍යාපාර සඳහා e-commerce හෙවත් විද්‍යුත් වාණිජ භාවිතය
ව්‍යාපාර සඳහා සමාජ ජාලා භාවිතය ඇතුලු

දැනුම බෙදාදීමේ ව්‍යාපෘතියක් දැනටමත් ආරම්භ කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කය මූලික කරගනිමින් සිදුකරන ලද වැඩසටහනේ සමාප්ති උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිත්වයෙන් හෙට(26) කෑගල්ල ඉපැරණිගමපරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිය.

TEAM CNF 02

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago