තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති සියළු දෙනාට සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස වන විට ස්ථීර රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරින් ජනරාල් අනුරුද්ධ වීරසිංහ පවසනවා.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව පැවසුවේ.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ 2020 වසරේ ඇති වූ ආර්ථික ගැටලුවත් සමග රියදුරු බලපත් කාඩ්පත් මුදුණයට අවශ්‍ය කාඩ් ගෙන්වීමේ ගැටළුවකට මුහුණ දීමට සිදුවු බවත් මෙම ප්‍රශ්ණය හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණය නිකුත් කිරීමට නියමිතව තිබුනද ඔවුන් සඳහා තාවකාලික මුද්‍රිත රියදුරු බලපත්‍ර ලබා දීමට සිදුවූ බවයි.
මේ වනවිට අවශ්‍ය කාඩ් ආනයනය කර ඇති බවත් සාමාණයෙන් අලුතින් රියදුරු බලපත්‍ර හා අලුත් කිරීම් සඳහා වසරකට රියදුරු බලපත් ලක්ෂ 9ක් 10ක් මුද්‍රණය කළ යුතු බවත් මේ ප්‍රමාණයට නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර ප්‍රමාණය සමග මුද්‍රණ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදුවූ බවත් ඔහු පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…