ශ්‍රී ලංකා

පාසලේ විනය භාර ගුරුවරයාට සිසුවා පිහියෙන් ඇනලා !

පුත්තලම නගරයේ ප්‍රධාන පෙලේ පාසලක සිසුවකු එල්ල කල පිහි ප්‍රහාරයකින් විනය සම්බන්ධව පාසලේ කටයුතු කළ ගුරුවරයෙකු තුවාල ලබා තිබෙනවා. එම ගුරුවරයා පාසලේ ගණිත විෂය භාර ගුරුවරයා ද වන අතර මේ වන විට එම ගුරුවරයා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසනවා.

ගුරුවරයාට මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ, එම පාසලේ අපොස උසස් පෙළ ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසුවකු වන බවයි වාර්තා වන්නේ.

අදාල සිසුවා පාසලට එමින් සිටියදී ගුරුවරයා ප්‍රධාන දොරටුව අසලදී කිසියම් සිදුවිමක් සම්බන්ධව ප්‍රශ්ණ කර ඇති බවත් එහිදි සිසුවා සඟවා ගෙන සිටි පිහියක් ඇද එකවර ගුරුවරයාගේ උදරයට එක් පහරක් එල්ල කර ඇති බව කියයි. එහිදී පිහි පහරට ලක්වු ගුරුවරයා එකවර ඇද වැටී ඇති බවත් සිසුවා පිහියත් රැගෙන එම ස්ථානයෙන් පැන ගොස් තිබු බවද කියයි.

කෙසේ නමුත් මෙම සිසුවා හා ගුරුවරයා අතර කුමන ප්‍රශ්ණයක් මත මෙම පිහි ඇනුම සිදුවුවා දැයි යන්න පොලිස් පරික්ෂණ ආරම්භ වි ඇති බව පැවසෙයි.

ලැබෙන තොරතුරු මත වාර්තා වන්නේ, මෙම සිසුවාගේ කොන්ඩය සම්බන්ධව අදාල ගුරුවරයා කිසියම් දැනුවත් කිරීමක් කර තිබු බවත් එම පිහි ප්‍රහාරයට ලක්වු දින උදෑසනද ඒ පිළිබදව ප්‍රශ්ණ කිරීමේදි මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

නමුත් මෙම කරුණු නිවැරිදි දැයි යන්න පොලිස් කණ්ඩායම් පරික්ෂණ ආරම්භ කර තිබේ.

පසුව අදාල පිහි ප්‍රහාරය එල්ල කල සිසුවා පුත්තලම මූලස්ථාන පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් පිහි ප්‍රහාරය එල්ල කර සුළු වේලාවකින් පාසල තුළදීම අත් අඩංගුවට ගෙන තිබේ.

කෙසේ නමුත් මෙම සිසුවා කුමන මානසික මට්ටමකින් මෙම තත්වයට මුහුණ දුන්නාද යන්න පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.

මෙම සිසුවා එල්ල කල පිහි ප්‍රහාරය ගුරුවරයාගේ උදරයේ අගල් දෙකකට ආසන්න යටට බැස තිබු බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග වලින් පැවසෙයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago