ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට තමන්ට නීති උපදෙස් ලැබී ඇතැයි ද, ඒ අනුව තමා මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බව ද ජනාධිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.
එසේ තිබිය දී අධිකරණ නියෝගය අනුව ඊයේ දිනය වන තෙක් වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම මග හරිනු ලැබූ ජනාධිපතිවරයා අද මෙම ප්‍රකාශය නිල වශයෙන් කථානායකවරයා වෙත දැනුම් දී තිබීම නැවත මැතිවරණය අර්බුදයකට ලක් කෙරෙනු ඇතැයි විචාරකයෝ පවසති.
වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදුකළ යුතු බවත්, ජනාධිපතිවරයාගේ නිර්දේශයට අනුමැතිය ලබා දීමේ බලය සහිත ව්‍යවස්ථා දායක සභාවට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමේ බලයක් නැති බවත් ඊයේ පාර්ලිමේන්තුව තුළ දී පැහැදිලි ලෙස ප්‍රකාශයට පත් විය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට අද ව්‍යවස්ථාදායක සභාව රැස් වීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…