වාහනයක් පරික්ෂා කරන අතර වාහනයට ගංජා පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට මේ වනවිට බරපතල සමාජ අපවාදයකට ලක් වී සිටින පොලිස් නිලධාරියා වැඩ තහනමකට ලක් කර තිබෙනවා.
කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයට අනුව මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ පොලිස් කොස්තාපල් ( 90827) තවරාසා සුදර්ශන් නැමැති නිලධාරියා ය.
කොල්ලුපිටිය පොලිසියට අනුයුත්ව පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් රාජකාරිවල යොදවා සිටිය දී ආනන්ද කුමාරස්වාමි මාවත සහ කර්නල් ටි.ජයා මාවත අතර ක්ෂණික ආරක්ෂක මාර්ග බාධක යොදවා කරන ලද මෙහෙයුමක දී මෙම නිලධාරියා මෙම ආන්දෝලනාත්මක චෝදනාවට ලක් වූ අතර ඔහු ගේ හැසිරීම සම්බන්ධව වීඩියෝ පට සමාජ මාධ්‍ය පුරා වයිරල් වෙමින් සංසරණය වූයේය.
රියදුරු හෝ රථයේ ගමන් ගත් වෙනත් පුද්ගලයෙක් තබා සහායක නිලධාරියෙකුවත් ලඟ තබා නොගෙන රථය පරීක්ෂා කිරීම, නඩු භාණ්ඩ ලෙස ගංජා මත්ද්‍රව්‍ය හමුවූයේ නම් එම මත්ද්‍රව්‍ය ආරක්ෂා කර නොගැනීම, රාජකාරි වෙලාවේ නිල ඇඳුමක් ඇඳගෙන බුලත්විටක් සපමින් මහජනයාට අප්‍රසන්න ලෙස හැසිරීම, සමාජ මාධ්‍ය ජාලාවල සිද්ධිය පැතිරී යමින් මෙම නිලධාරියාට දැඩි චෝදනාවක් එල්ලවීම යන කාරණා මුල් කරගෙන මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර තිබේ.
කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…