ශ්‍රී ලංකා

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවසර !

ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව අවධාරණය කර ඇත.

ඒ අනුව සුදුසුකම්ලත් ඡන්දදායකයින්ට තමන්ට නියමිත ස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ හේතුවක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් කළ හැකියාව ඇත.

මේ සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ට ඒ සඳහා වන ආකෘති පත්‍ර ලබන මස 1 වැනිදා හෝ ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ යුතු වනවා.

සෑම අයදුම්පතක්ම අයදුම්කරුගේ නේවාසික ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී නිලධාරීන් විසින් සහතික කළ යුතු අතර, එසේ නොමැතිනම් අයදුම්පත් වලංගු නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

Team CNF

View Comments

  • මැතිවරණ කොමිෂන් සභාවට අයදුම්පත් ඊ-මේල් මාර්ගයෙන් යොමු කළ හැකිද?

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago