තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබා දීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (29) තීරණය කර තිබෙනවා.
මේ වන විට රටේ වාර්ෂික තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 260ක් දක්වා අවම වී ඇති අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් දක්වා ඉහල නැංවීම සඳහා මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
මින් පෙර තේ වගාවට පොහොර යෙදීම සඳහා වගාකරුවන් උනන්දු කරවීමේ අරමුණින් රුපියල් 2000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළත් තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට එම මුදල ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.
මේ නිසා තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.
ඒ අනුව එළැඹෙන මහ කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ලබා දෙන අතර දැනට රාජ්‍ය පොහොර සමාගම විසින් රුපියල් 2000කින් අඩු අකරන ලද තේ පොහොර මිල ගණන් තවත් රුපියල් 2000කින් අඩු කිරීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.
මෙම සහනාධාරය සඳහා රුපියල් බිලියන 2ක් වැය කෙරෙන අතර එම මුදල ලංකා තේ මණ්ඩලයේ අරමුදල් මගින් ලබා දීමට සැලසුම් කර තිබේ. මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අද දින (29) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…