ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ඒ, තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ රැස්වීමක් සංවිධාන කළ බව පවසමින්.
එලෙස සිදු කිරීමෙන් ඔහු පක්ෂ විනය කඩ කර ඇති බවයි, බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන්ට ක්‍රියාත්මක වීමට නොහැකි බව ද පොලිසිය එහි දී සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවයි.
ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බවත් පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් ඔහු ප්‍රකාශ කළා.
එමෙන් ම බන්දුල ගුණවර්ධන මහතා පසුගිය කාලයේදීම නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයට හෝ පැමිණ නොමැති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…