ශ්‍රී ලංකා

නිදහස් පක්ෂය තුනට කැඩී විසිරෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට උදව් කරන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් එම පක්ෂය කොටස් තුනකට කැඩී ගොස් තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමත්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන බවට ප්‍රකාශ කිරීමත් සහ දයාසිරි ජයසේකර මහතා සමග ජන බලවේගයේ අපේක්ෂකයාට උදව් කරන බවටත් තීරණය කිරීමත් සමඟයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා 31 වැනි දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායම බවත් පක්ෂ මූලස්ථානය තියෙන්නේද තම කණ්ඩායම අතේ හෙයින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළි නොගන්නා බවත් ඔහු සඳහන් කළේය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago