ශ්‍රී ලංකා

පොහොට්ටුව අර්බුදයක – පක්ෂය දෙදරා යයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට අද පැමිණ ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 16 දෙනෙකු පමණක් බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

මෙවර ජනාධිපතිරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට යෝජනාව පක්ෂ ලේකම් සාගර කාරියවසම් විසින් මෙහිදි ඉදිරිපත් කර තිබුණද එම යෝජනාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුම දැඩි ලෙස විරුද්ධව අදහස් ප්‍රකාශ කර ඇතැයිද සඳහන්.

එමෙන්ම මෙම දේශපාලන මණ්ඩල රැස්විමට මන්ත්‍රීවරුන් 16 දෙනා හැරුණු විට මෙහි පැමිණ ඇත්තේ විවිධ සංවිධාන මට්ටමන් ගෙන්වූ අය බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

ඒ අතර පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් හිටපු සභාපතිවරයෙකුගේ දියණියක්ද සිට ඇති බවයි එම ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම දේශපාලන රැස්වීමේදි පොහොට්ටුවේ ජනාධිපති ධූරය අපේක්ෂාවෙන් සිටි ධම්මික පෙරේරාගේ නමක් වත් සඳහන් නොවීම පිළිබඳවද එම මන්ත්‍රිවරුන් විමතිය පළකර තිබෙනවා.

මෙහිදි අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණයක් බැවිත් එයට සියලු දෙනා එකඟ විය යුතු බවයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගේ මෙම ප්‍රකාශය නොතකමින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකු මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට පැමිණ ඇති අතර ඔවුන් එහිදි ජනාධිපතිවරයාට සිය පූර්ණ සහය ලබා දෙන බව පවසා තිබෙනවා.

මේ මොහොතේත් ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කරමින් පවතින බවත් ඔවුන් එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පවසා ඇත්තේ ඉදිරියේදී ජනපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය සෘජුවම දායකත්වය ලබා දෙමින් කටයුතු කිරීමට තමන් සූදානම් බවයි. එමෙන්ම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය උදෙසා ලබා දිය හැකි උපරිම සහය ලබා දීමට කටයුතු කරන බවත් මෙහිදි ජනාධිපතිවරයා හමුවේ පවසා තිබෙනවා.

මෙම තීරණයත් සමග පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් බහුතර පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය ලබා දීමට ඉදිරිපත් වී ඇති හෙයින් පක්ෂයේ ප්‍රභල දෙදරා යාමක් ඉදිරියේදී දක්නට ලැබෙනු ඇති බවත් වාර්තා වෙනවා.

මෙහිදි පක්ෂයේ ඇතැම් පිරිස් පවසා ඇත්තේ පක්ෂය විනාශ කිරීමට පක්ෂ ලේකම් සාගර කාරියවසම් කටයුතු කරමින් යන බවත් සහ ඔහු මේ මොහොතේ රට ගැන නොසිතා සිය දේශපාලන කටයුතු ගැන පමණක් තීරණය කරමින් පක්ෂයට සහ රටට හානිවන අන්දමට කටයුතු කරමින් සිටින බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී පොදුජන පෙරමුණ විනාශ වී යාම නොවැලැක්විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago