ශ්‍රී ලංකා

වාහන ආනයනයට අවසරය අගෝස්තු මස සිට !

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී එනම් ලබන සතියේ සිට සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව,රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,  මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා,

” මේ මැතිවරණයක් ඉල්ලක්ක කර ගෙන ආපහු ආනයන සීමා පනවන තැනට රට මෙහෙයවන්න රජයකට බැහැ.

එතකොට මූලිකත්වය ලබා දුන්නේ වාහන හැර අනෙක් සියලු ම සීමා ලිහිල් කළා.

වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ වෙනකොට රජයේ ස්ථාවරය අදියර වශයෙන් වාහන කොහොමද ආනයනය සීමා ඉවත් කරන්නේ කියන කාරණය අපි දැනුම් දෙනවා.

අපි බලාපොරොත්තු වෙන්නේ මුල් වටයට ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය ඒ වාහන වලට අවසරය ලබා දෙන්න.

හැබැයි අපි පෞද්ගලික වාහන පරිභෝජනය සඳහා ආනයනය කරන්න බලාපොරොත්තු වන්නේ 2025 පළමු කාර්තුවේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago