ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව ලබන මාසයේ සිට රුපියල් අටදහසක් දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සීමා වාසික පුහුණුව ලබන සහ මේ වන විට දෙවැනි වසරේ සිටින සිසුන්ට වැඩි කළ දීමනාව අගෝස්තු මාසයේ සිට ලබා දෙන අතර නවක සිසුන් සඳහා සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව ගෙවීමට සැලසුම් කර ඇති බව සඳහන්.
එම සිසුන්ට දැනට ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව ප්‍රමාණවත් නොවන බවට දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට කළ දැනුවත් කිරීම් මත දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබුණේ මෙම වසර මුලදීය.
නමුත් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොමැති වීම නිසා මේ දක්වා එම තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණා.
එහෙත් පවතින මුදල් කළමනාකරණය කර ගනිමින් දීමනාව වැඩි කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…