දැඩි කතාබහකට ලක්ව ඇති ජනප්‍රිය නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් අලෙවි කරන රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බවට තොරතුරු වාර්තා වනවා.
එම සම පැහැපත් කරන ක්‍රීම් ඇතුළු රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළඳපොලේ බහුලව භාවිත වෙමින් ඇති බව සඳහන්.
ඩේලි මිරර් පුවත් වාර්තාවක දැක්වෙන්නේ, මෙරට තුළ දැනට රූපලාවණ්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සඳහා නීතිමය රාමුවක් හෝ නිශ්චිත පනතක් නොමැති බවයි.
ඒ හේතුවෙන් එය ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බාධාවක් බව ද එහි සඳහන්.
මෙම රූපලාවණ්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් පනතක් කෙටුම්පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
සම පැහැපත් කිරීමේ ක්‍රීම්වලට අදාළ ගැටලු සම්බන්ධයෙන් මෑත කාලයේ පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා.
සම පැහැපත් කරන ක්‍රීම් භාවිතය හා සම්බන්ධ වකුගඩු රෝග රෝගීන්ගේ සැළකිව යුතු වැඩි වීමක් පෙන්නුම් කර ඇති බවත් එය පිළිකා රෝග පවා අභිබවා යෑමක් බවත් විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කළා
පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීම තමන් දිරිමත් කරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරනවා.
එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේ, ලියාපදිංචි වී නොමැති නිෂ්පාදන විශේෂයෙන් සම පැහැපත් කිරීමේ ක්‍රීම් භාවිත කිරීමෙන් වළකින ලෙසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
යකො මිනිස්සුන්ට දැන ගන්න ඔකෙ නම කියපියවු
ඉකින් යකො ඔය බයිල ගහන්නෙ නනැතිව, පියුමිගෙ ක්‍රීම් එක test කරල මෙන්න මේක නිසා ගන්න එපා කියල කියපල්ලකො. උඔලට බලය කියනව නේ ඕනැ එකක් test කරන්න. මොකක් හරි product එකක් හදන එකා චප්ප කරන්නෙ නැති බලඉ පාවිච්චි කරල නුගුනෙ කියපල්ල.