ශ්‍රී ලංකා

පොහොට්ටුවේ ප්‍රබල බල කණුත් පොහොට්ටුව අතහරී !

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පවසනවා.

ඒ අනුව අද (30) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කාරක සභා රැස්වීමේදී ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම කමිටුව පවසන්නේ එලැඹෙන ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙනුවට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

එසේම රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහද සඳහන් කරන්නේ තමන් නාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago