අද (31) උදෑසන 138 කඩවත – කොටුව මාර්ගයේ ගමන්ගන්නා පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබුණා.
ඒ අනුව කඩවත – කොටුව, වැලිවේරිය – කොටුව හා කිරිල්ලවල – කොටුව යන සියලු බස්රථ ධාවනයෙන් ඉවත්ව තිබුණා.
ඇතිවී තිබුණු කලබලකාරී තත්ත්වය මඟ හැරීම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කිහිපයක් කඩිනමින් ධාවනයට එක් කර තිබෙනවා.
කිරිබත්ගොඩ – පිටකොටුව මාර්ගයේ අලුත් බස්රථ කිහිපයක් සඳහා අවසර ලබාදීමෙන් තමන්ගේ ආදායමට දැඩි පහරක් එල්ල වී ඇතැයි 138 බස් රථහිමියන් පවසයි.
මේ අතර කඩවත – කොටුව බස් නැවතුම් පොළේ මතුවී ඇති විශාල මඩවළ හේතුවෙන් මේ වනවිට බස් රථ කැඩී යන තත්ත්වයට පත්ව ඇතැයි පවසන බස් රියදුරන් වැසිකිළි වළ උතුරා යෑම හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් ප්‍රදේශයේ පවතින බව ද සඳහන් කළේය.
අදාළ හේතූන්ට විසඳුම් ඉල්ලා වර්ජනය ආරම්භ කළ බවත් විසඳුම් නොලැබුණහොත් බස් ධාවනයෙන් තමන් ඉවත්ව සිටින බවත් බස් රියදුරන් පවසයි.
කෙසේවෙතත් අදාළ බස් වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…