ශ්‍රී ලංකා

සංචාරක කර්මාන්තයට විශිෂ්ට ජයග්‍රහණයක් – ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබයි !

Global Tourism Awards 2024 සම්මාන උළෙලෙහි “ලොව හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) අද (2) පිදුම් ලැබීය.

ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් මඟින් පවත්වන මෙම සම්මාන උළෙල ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණු අතර ඒ සඳහා සංචාරක,ඉඩම්,ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී විය. එහිදී අමාත්‍ය තුමන් වෙත සම්මානය ප්‍රදානය කිරීම සිදුවිය.

සංචාරක කර්මාන්තයට එහි භූ දර්ශනය හැඩගස්වා ධනාත්මක වෙනසක් ඇති කිරීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ආයතනවලට ගෞරව කිරීමට සහ සැමරීමට වේදිකාවක් ලෙස මෙම ප්‍රමුඛතම සම්මාන උළෙල පැවැත්වෙන අතර ඒ අනුව එහි විශිෂ්ටතම සම්මානය ශ්‍රී ලංකාවට හිමිවිය.

මෑත වකවානුව තුළ වාර්තාගත සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර ලෝකයේ වේගයෙන්ම ඉදිරියට යන සංචාරක ගමනාන්තයක් බවට ද ශ්‍රී ලංකාව පත්විය.කාන්තාවන්ට සංචාරය කිරීමට සුදුසුම රටවල් අතර ප්‍රමුඛස්ථානයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර 2024 සඳහා CEOWORLD සඟරාවේ කීර්තිමත් ශ්‍රේණිගත කිරීම්වලට අනුව,ජීවිත කාලය තුළ සංචාරය කිරීමට හොඳම 5 වැනි රට ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.

ලෝක ප්‍රකට Forbes සඟරාව 2023 ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාව නම් කරනු ලැබීය.

පසුගිය සමයේ ඇති වූ පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යම් බිඳවැටීමකට ලක්වූ අතර ඒ සෑම අභියෝගයක්ම ජයගනිමින් අද වන විට මෙරට සංචාරක කර්මාන්තය සුවිශාල ප්‍රගතියක් ලබා තිබේ. එවන් තත්ත්වයක් තුළ ඉන්දියාවෙන් නව දිල්ලි නුවරදී ලැබුණු මේ සම්මානය ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයකි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago