ප්‍රමුඛ ක්‍රිප්ටෝ වත්කම් වෙලදපොලක් සහ Web3.0 නවෝත්පාදක ආයතනයක් වන Bitget සමාගම ශ්‍රී ලංකාව තුල සිය ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරමින් සිදුකරනු ලබන ප්‍රථම වැඩසටහන 2024 අගෝස්තු 3 වන දින සවස 6 සිට කොළඹ NH Collection, Mont Blanc හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙරට ප්‍රජාව තුළ ක්‍රිප්ටෝ වත්කම් සහ බ්ලොක් චේන් තාක්ෂණය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවත් වේ.
මෙම Bitget Sri Lanka Meetup වැඩසටහන සඳහා ක්‍රිප්ටෝ වත්කම් භාවිතා කරන්නන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, අන්තර්ජාල මුදල් ගණුදෙනුකරුවන් සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුවක් සහිත පුද්ගලයින් සහභාගී වේ. මෙහිදී ක්‍රිප්ටෝ වත්කම් භාවිතාවේ ප්‍රවණතා පිළිබඳ සහ බ්ලොක්චේන් ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට සහභාගිවන්නන්ට අවස්ථාව හිමි වේ. මෙහි ප්‍රධාන අංගයක් ලෙස Bitget පිළිබඳව ශ්‍රී ලාංකික ගණුදෙනුකරුවන්ට හඳුන්වා දීම සිදුවන අතර Bitget වේදිකාවේ සහ අනාගත අරමුණු පිළිබඳ අවබෝධයක් ලබාදීම සිදු වේ.
වැඩසටහනේ අදාළ තොරතුරු සැසිවලින් ඔබ්බට, සහභාගි වන්නන්ට ක්‍රිප්ටෝ අවකාශයේ ප්‍රවීණයන් සහ ක්‍රිප්ටෝ ගණුදෙනු සම්බන්ධ උන්නදුව ඇති අය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව උදා වන අතර මෙම අවස්තාව සඳහා සහභාගී වන්නන්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ද හිමිවෙයි.
Bitget සමාගමේ ගෝලීය මහජන සම්බන්ධතා ප්‍රධානී සිම්රන් අල්පොන්සෝ මහත්මිය අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ, “ශ්‍රී ලංකාව තුල ඩිජිටල් මුදල් භාවිතය සඳහා වැඩිවන උනන්දුව, දේශීය ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට සහ ක්‍රිප්ටෝ අවකාශය පිළිබඳ ඔවුන්ගේ දැනුම ගැඹුරු කිරීමට වටිනා වේදිකාවක් සපයන බවයි.” මෙම වසරේ Bitget සමාගම සතු ආකර්ෂණීය වර්ධනය සුවිශේෂී වෙළඳ විසඳුම් සහ සේවාවන් සැපයීමේ ඔවුන්ගේ මෙහෙවර සමඟ ගැලපෙන වන බව ද ඇය විසින් පෙන්වා දෙයි.
මෙම හමුව ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීමට සහ ක්‍රිප්ටෝ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Bitget සමාගම විසින් සිදුකරනු ලබන ආරම්භයක් ලෙස හදුනාගත හැකියි. 2024 වර්ශයේ දී, Bitget සමාගමේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති අතර, වෙබ් අඩවි භාවිතයේ තුළ 50% කට ආසන්න වැඩිවීමක් සහ පරිශීලක අරමුදල්වල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ. Proof-of-Reserve (PoR) දත්ත වලට අනුව, BTC, USDT සහ ETH හි වත්කම් හිමිකාරිත්වය පිළිවෙලින් 73%, 80% සහ 153% කින් ඉහළ ගොස් ඇති අතර එහි මුලු මුල්‍ය වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 700 කි.
මීට අමතරව, Bitget විසින් නව පරිශීලකයින් මිලියන 2.9ක් එකතු කර ඇති අතර ස්ථානීය වෙළඳ පරිමාවේ 10%ක වැඩිවීම 2024 දෙවන කාර්තුව තුල ඩොලර් බිලියන 32 දක්වා ළඟා වී තිබේ. CCData හි නවතම H2 Outlook වාර්තාව මගින් මධ්‍යගත හුවමාරු (CEXs) අතර Bitget සමාගමේ සැලකිය යුතු වෙළඳපල කොටස් වර්ධනයක් ලෙස 38.4% දක්වා ඉහළ ගොස් ඇත. එය H2 2023 සිට H1 2024 දක්වා වේ.
මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට කැමති Bitget සහ Crypto ප්‍රජාව සඳහා, පහත සබැඳිය ඔස්සේ ලියාපදිංචි විය හැකි ය.
2018 වර්ශයේ සිට, Bitget සමාගම රටවල් 100 කට වඩා වැඩි ගණනක මිලියන 25 කට අධික පරිශීලකයින් සඳහා පහසුකම් සපයන ප්‍රමුඛ ගෝලීය ක්‍රිප්ටෝ මුදල් වෙළදපොලක් වන කිරිමේ සහ Web3 සමාගමක් බවට පත්ව ඇත.
Bitget භාවිතා කරන්න අතර, Copy Trading Feature, Bitget භාවිතා කරන්නන් සඳහා ලැබෙන පහසුකම් සහ දීමනා, Advanced Trading Solutions, Comprehensive Multi-Chain Crypto Wallet යන විශේෂ උපාංග ජනප්‍රිය අතර, මෙහි ඇති ජනප්‍රියත්වය සඳහා ද එය බලපා තිබේ.
ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සහ තුර්කි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයින් සමඟ Bitget හවුල්කාරිත්වය බෙදී ගොස් ඇති අතර ක්‍රිප්ටෝ කර්මාන්තය දියුණු කිරීම සඳහා Bitget ක්‍රියාකරිත්වය විශාල දායකත්වයක් සපයනු ලැබේ
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…