ශ්‍රී ලංකා ඉතිහාසය අලුත් කරමින් ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට අරුණ දර්ශනට හැකියාව ලැබුණා.
ඒ පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිමින්.
මූලික වටයේ තරග 06කින් සමන්විත වූ මෙම තරග ඉසව්වේ 05 වැනි මූලික තරගයට අරුණ සහභාගි වුණා.
එහිදී ඔහු තත්. 44.99කින් තරගය අවසන් කර තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූ අතර, මෙය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාව බව සඳහන්.
ඒ අනුව සුගත් තිලකරත්නගෙන් පසු මීටර 400 ඉසව්වක් තත්ත්පර 45 සීමාවෙන් අවසන් කළ පළමු ක්‍රීඩකයා ලෙසින් තවත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමටද අරුණට හැකිවුණා.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…