මේ අතර, අතිපුජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
අද පස්වරු 02.00 සිට රාත්‍රී 08.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා එම විශේෂ රථ වාහන සැලැස්ම ගංගාරාම විහාරස්ථානය අවට ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.
රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන මාර්ග වන්නේ,
පෙරහැර මාවතෙන් සහ ජිනරතන මාවෙතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර ධර්මපාල මාවත, ජේම්ස් පිරීස් මාවත හන්දියෙන් ජේම්ස් පිරීස් මාවත දෙසට ඇතුළු වීම සීමා වෙයි.
ජිනරතන මාවතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර ජේම්ස් පීරිස් මාවත පෙරහැර හන්දියෙන් කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට ඇතුළු වීම සීමා වනු ඇති.
මුත්තයියා පාරෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් වී කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි අතර, අල්ටෙයාර් දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි වනවා.
නවම් මාවත දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි බවත්, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන නවම් මාවත හන්දිය දක්වා පමණක් ගමන් කළ හැකි බවත් පොලිසිය සඳහන් කරයි.
මුත්තයියා පාර බේබෘක් හන්දියෙන් මුත්තයියා පාර දෙසට ඇතුළු වීම වසා ඇති අතර ජිනරතන මාවත පාක් වීදිය හන්දියෙන් විහාරස්ථානය දෙසට ඇතුළු වීමද අදාල කාලය තුළ වසා තැබෙනු ඇති.
පොලිසිය පැවසුවේ රාමනායක මාවත හුණුපිටිය පාර හන්දියෙන් හුණුපිටිය පාරට ඇතුළු වීමද වසා ඇති බවයි.
ආදාහන පූජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භූමියේ ඉඩ පහසුකම් වෙන්කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…